‘අට්ලී’ දක්ෂ නිර්මාණකරුවෙක්



සුපිරි දෙමළ සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනූ අට්ලි කුමාර් සැබෑම දක්ෂයකු බව ඉන්දීය නිළි රීදි ඩොග්රා පවසයි.

අට්ලි කුමාර් අධ්‍යක්ෂණය කළ ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ජවාන්’ මේ දිනවල වාර්තා පිට වාර්තා පිහිටුවමින් තිරගත වෙයි.

‘ජවාන්’ චිත්‍රපටයේ කාවෙරි අම්මා නමැති වැඩිහිටි චරිතයට පණ පොවන්නේ 38 හැවිරිදි රීදි ඩොග්රා ය. චිත්‍රපටයේ කතාවට අනුව, රීදි ඩොග්රා චරිත නිරූපණය කරන්නේ ෂාරුක් හදා වඩා ගන්නා මවටය.

අට්ලී දක්ෂ නිර්මාණකරුවකු බවත්, ඔහු ගැන විශ්වාසය තබා තමන් කාවේරි අම්මාගේ චරිතය නිරූපණයට යොමු වුණු බවත්, එම චරිතය රසික හදවත් දිනූ බවත් රීදි ඩොග්රා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.


RECOMMEND POSTS