ෆින්ලන්ත අගමැතිනිය දික්කසාද වෙනවා



අග්‍රාමාත්‍ය ධුරයට සමුදෙන තමන්, තම විවාහ ජීවිතයෙන් ද සමුගැනීමට තීරණය කළ බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් සිය ඉස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා තිබේ.

සන්නා මරීන් විවාහ වී සිටියේ මාර්කස් රයික්කූනන් සමඟය. දෙදෙනා දැන හඳුනාගෙන වසර 19 ක් තිස්සේ එකට ජීවත් වුණු අතර විවාහ වී වසර 3 කි. දෙදෙනාට පස් හැවිරිදි සිඟිති දියණියක ද සිටී. දික්කසාද වීමෙන් පසුවත් හොඳ යහළුවන් ලෙස දිගටම මාර්කස් ඇසුරු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සන්නා මරීන් පවසා තිබේ.

37 හැවිරිදි සන්නා මරීන් ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 වසරේ දී සන්ධාන ආණ්ඩුවකට නායකත්වය දෙමිනි. පසුගිය දා පැවැත්වුණු ෆින්ලන්ත මහ මැතිවරණයෙන් මරීන් සහ ඇගේ පක්ෂය පරාජයට පත් විය. එදා 2019 දී අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අවස්ථාවේදී සන්නා මරීන් ලොව ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ද වූවාය.

(රොයිටර්)


RECOMMEND POSTS