ළාබාලතම බිලියනපතිනිය



ලොව ළාබාලතම බිලියනපතියා 19 හැවිරිදි පාසල් දැරියක බව ‘ෆෝබ්ස්’ සඟරාව පවසයි. 

ඇමෙරිකන් ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’, වසරක් පාසාම ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවක් එළිදක්වන අතර, එම ලැයිස්තුවට ඇතුළත්, ලොව ළාබාලතම බිලියනපතියන්ගේ ලැයිස්තුවක් ද ඇතුළත් වෙයි.

එම ලැයිස්තුවේ ළාබාලතම බිලියනපතියා බ්‍රසීල ජාතික 19 හැවිරිදි ලිවියා වොයිට් ය. ඇගේ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 කි.

ලිවියා බිලියනපතියකු වූයේ ඇගේ සීයාගේ ‘ඩබ්ලිව්.ඊ.ජී’ සමාගමේ කොටස් ඇයට උරුම වූ බැවිනි. ‘ඩබ්ලිව්.ඊ.ජී’ සමාගම ආරම්භ කර ඇත්තේ ලිවියාගේ සීයාය. ‘ඩබ්ලිව්.ඊ.ජී’ සමාගමේ කොටස් බෙදී ඇත්තේ ලිවියා සහ ඇගේ වැඩිමල් සොහොයුරිය 26 හැවිරිදි ඩෝරා වොයිට් අතරේය. 

මෙම 2024 වසර සඳහා, ‘ෆෝබ්ස්’ සඟරාව නම් කළ ලොව ළාබාලතම බිලියනපතියන්ගේ ලැයිස්තුවේ ඩෝරා වොයිට් ද සිටී.

‘ඩබ්ලිව්.ඊ.ජී’ බ්‍රසීලියානු සමාගමකි, විදුලි ඉංජිනේරු, බලශක්ති සහ ස්වයංක්‍රීය තාක්ෂණ ක්ෂේත්‍රවලට සම්බන්ධය. ‘ඩබ්ලිව්.ඊ.ජී’ කර්මාන්තශාලා බ්‍රසීලයේ පමණක් නොව, ඇමෙරිකාවේ, මෙක්සිකෝවේ, ආජන්ටිනාවේ, කොලොම්බියාවේ, ඉන්දියාවේ, චීනයේ, පෘතුගාලයේ, දකුණු අප්‍රිකාවේ සහ ජර්මනියේ ඇත.

‘ෆෝබ්ස්’ සඟරාව, 2024 වසර සඳහා ප්‍රසිද්ධ කළ බිලියනපතියන් ලැයිස්තුවේ බිලියනපතියන් අතරේ සිටින 25 දෙනකු අවුරුදු 33 අඩු වීම විශේෂත්වයකි. 


RECOMMEND POSTS