හොලිවුඞ් සුපිරි යුවළ බ්‍රැඞ් පිට් - ඇන්ජෙලීනා ජොලී වෙන් වෙලා



 

 

ලොව වසඟ කළ හොලිවුඞ් යුවළ ලෙස සැළකෙන කඩවසම් නළු බ්‍රැඞ් පිට් සහ සරාගී නිළි ඇන්ජෙලීනා ජොලී ආදර කතාව අවසන් බවත් දෙදෙනා දික්කසාද වීමට තීරණය කර ඇති බවත් හොලිවුඞ් පුරයෙන් වාර්තා වේ.

දික්කසාදය ඉල්ලා නඩු පැවැරීමට කටයුතු කර ඇත්තේ ඇන්ජෙලීනාය. බ්‍රැඞ් පිට් අනියම් පෙමක පැටැළීම හේතුවෙන් ඇන්ජෙලීනා මෙම තීරණය ගෙන ඇති බව ද හොලිවුඞ් පුවත් සේවා වාර්තා කර තිබේ. 52 හැවිරිදි වියෙහි පසුවන බ්‍රැඞ් පිට් පීට පෙර ද විවාහ වී සිටි අයෙකි.

41 හැවිරිදි ඇන්ජෙලීනා සම්මානනීය නිළියක පමණක් නොව, සිනමා අධ්‍යක්ෂකවරියක ද වන්නීය. මානව ක්‍රියාකාරිණියක වන ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියකි. ඇය ද මීට පෙර දෙවරක් විවාහ වී සිටියාය. වසර ගණනක් පෙම්වතුන් ලෙස ඇසුරු කළ බ්‍රැඞ් පිට් සහ ජොලී දෙදෙනා විවාහ වූයේ 2014 වසරේදීය. 


RECOMMEND POSTS