හොඳම උදේ ආහාරය පිට්ටු



ශ්‍රී  ලංකාවේදී තමා අනුභව කළ හොඳම ආහාර අතරින් එකක් ලෙස පිට්ටු නම් කළ හැකි බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.

පසුගිය දා සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇමෙරිකා තානාපතිවරිය  මේ බව සඳහන් කරන්නිය.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදි ඇය පිට්ටු ආහාර වේලක් ගෙන ඇති අතර ඉන්පසුව ඇය ට්විටර් ගිණුම් මෙම සටහන තබා ඇත.
පොල් කිරි ස්වල්පයක් ද ඊට එකතු කර ගැනීමෙන් තබා තමා අනුභව කළ පිට්ටු  තවත් රසවත් වුණු බවත් ,තමාට පිට්ටු හඳුන්වා දීම පිළිබඳව ස්තූතිවන්ත වන බවත් ඇය සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර සිටින්නීය.

"පිට්ටු" නිර්දේශ කිරීම ගැන ස්තූතිය පළ කරන අතර  තමා රස බැලිය යුතු වෙනත් රසවත් ආහාර මොනවාද යන්න ගැන තමන් විමසිල්ලෙන් පසුවන බව ද ඇය සිය සටහනේ සඳහන් කර තිබේ.


RECOMMEND POSTS