හියු ජැක්මන්ගේ විවාහය අවසන්



මාවල් වීරයා ‘වුල්වරීන්’ගේ චරිතයට පණ පොවමින් ලොකු කුඩා කාගේත් ආදරය දිනූ ඕස්ට්‍රේලියානු හොලිවුඩ් නළි හියු ජැක්මන් සහ බිරිඳ ඩෙබොරා ලී ෆර්නස් වෙන් වීමට තීරණය කර තිබේ.

හියු ජැක්මන් සහ බිරිඳ ඩෙබොරා ලී ෆර්නස් විවාහ වී වසර 27 කි.

1995 වසරේ විකාශය වූ ‘කොරෙලි’ ටෙලි කතා මාලාවට දෙදෙනා රංගනයෙන් දායක වී ඇත. හියු ජැක්මන් සහ ඩෙබොරා ලී ෆර්නස්  දැන හඳුනාගෙන ඇත්තේ මෙම කාලයේය.

යුවළ විවාහ වූයේ 1996 අප්‍රේල් මාසයේය. ඉන්පසු දරුවන් දෙදෙනකු හදා ගැනීමට තීරණය කළ අතර, ඔවුහු අද 23 හැවිරිදි වියෙහි සහ 18 හැවිරිදි වියෙහි පසුවෙති.

‘අප දශක තුනකට ආසන්න කාලයක් එක් වී ජීවන ගමන ඉදිරියට ආවා. ඒක අපට ආශිර්වාදයක්. ඒත් දැන් අප දෙදෙනා එකිනෙකට වෙනස් ගමනක යන්න සූදානම් වෙනවා.’ යැයි දෙදෙනා එක් වී කළ නිවේදනයක දැක්වෙයි.

එක්ස් මෙන් චිත්‍රපට මාලාව හරහා ‘වුල්වරීන්’ගේ චරිතය නිරූපණය කරමින් ජනප්‍රිය වූ හියු ජැක්මන් සම්මානයට පාත්‍ර වූ නළුවෙකි. ‘ද ග්‍ර්‍රේටස්ට් ෂෝමන්’, ‘ලෙ මිසරාබ්ලේ’ ආදිය හියු ජැක්මන්ගේ කැපී පෙනන සිනමා නිර්මාණ ලෙස සැලකිය හැකිය.


RECOMMEND POSTS