හිටපු ඇමෙරිකන් ජනපති ජිමී කාටර්ගේ බිරිඳ මියයයි



ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ බිරිඳ රොසලීන් කාටර් අභාවප්‍රාප්ත වූවාය. ඇගේ වයස අවුරුදු 96 කි

ජෝර්ජියා නිවසේ දී තම ආදරණීය බිරිඳ දිවියෙන් සමුගත් බවත්, එම අවස්ථාවේ, පවුලේ සාමාජිකයන් සියලු දෙනා ඇය අසල සිටි බවත් ජිමී කාටර් නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.

ජිමී කාටර් සහ රොසලීන්, වැඩිම කාලයක් විවාහ වී සිටි, ඇමෙරිකන් ජනාධිපති යුවළ ලෙස ද සැලකෙයි. දෙදෙනා විවාහ වූයේ 1946 වසරේදීය. ඒ වනවිට ජිමී කාටර්ගේ වයස අවුරුදු 21 කි. රොසලීන්ගේ වයස අවුරුදු 18 කි.

අද වනවිට, 99 හැවිරිදි ජිමී කාටර්, ඇමෙරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා විය. ඔහු ඇමෙරිකන් ජනාධිපති ලෙසත්, රොසලීන් ජනාධිපති ආර්යාව ලෙසත් කටයුතු කළේ 1977 සිට 1981 තෙක් කාලයේය.


RECOMMEND POSTS