හැරී මෙගන්ට ඇරැයුමක්



නත්තල සැමරීම සඳහා හැරී කුමරු සහ මේගන් මාර්කල්ට නැසීගිය ඩයනා කුමරිය කුඩා කල ජීවත්වූ ඇල්තොර්ප් නිවසට පැමිණෙන ලෙස ඇයගේ සහෝදරයකු වන චාර්ල්ස් ස්පෙන්සර් විවෘත ආරාධනයක් කර ඇත.

හැරී සහ මේගන් 2018 වසරේ සිට නත්තල සැමරීම සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ නොතිබීම හේතුවෙන් හැරීගේ මාමා වන චාල්ස් ස්පෙන්සර් මෙම විවෘත ආරාධනය කර ඇතැයි පැවැසෙයි. නමුත් හැරී කුමරු තවමත් මෙම ආරාධනය නිල වශයෙන් පිළිගෙන නොමැති බවද සඳහන් වේ. කෙසේ නමුත් චාල්ස් ස්පෙන්සර් හැරී සහ මේගන් ලිලිබට් කුමරිය සහ ආර්චි කුමරු සමඟ නත්තල ගත කිරීමට ඇල්තෝර්ප් නිවසට පැමිණෙනු ඇතැයි දැඩිව බලාපොරොත්තු වන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

හැරී කුමරු 2020 වසරේදී රාජකීය වැඩකටයුතු වලින් ඉවත්වීමෙන් පසුවත් ඩයනා කුමරියගේ පවුල සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් ඒ හේතුවෙන් අනිවාර්යයෙන්ම චාල්ස් ස්පෙන්සර්ගේ ආරාධනය හැරී කුමරු පිළිගනු ඇති බවත් ඔහු පැවැසුවේය.

 
 

RECOMMEND POSTS