හැත්තෑ පහේදී ශාස්ත්‍රපති උපාධියක්



ඉගෙනුමට වයස් ‍භේදයක් නොමැති බව එමීර් ජාතිකයෙකු පසුගියදා ඔප්පු කර පෙන්වූයේය.

මේ එමීර් ජාතිකයා නමින් අල් මොහොම්මද් නාජි නැමැත්තෙකි.ඉගෙනුමට වයස් සීමාවන් නැති බව ඔහු ඔප්පු කර පෙන්වූයේ ඔහුට  වයස අවුරැදු හැත්තෑපහේදීය.ඒ ව්‍යාපාර පරිපාලනවේදය පිළිබද ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගනිමින්ය.

ඒ කියන්නේ නාජි සිය රැකියාවෙන් විශ්‍රාම ගෙන සිටියදී දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ ව්‍යාපාර පරිපාලනවේදය පිළබද උපාධිය හදාරනු ලබන්නේ ඔහුට මිනිබිරියන් හා මුණුබුරන් කිහිපදෙනෙකටම සීයා වී සිටියදීය.

මේ අතර මෙම එමීර් ජාතිකයාගේ මේ සුවිශේෂි ජයග්‍රහණය ට්ව්ටර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වල පළ කරීමට ඔහුගේ එක් පුතකු වන ෆාහෙඩ් අලී විසින් පියවර ගෙන තිබු අතර ඊට එමීරයේ සමාජ මාධ්‍ය වල සිටන දහසකට වැඩි පිරිසක් ඒ සදහා කැමැත්ත පළ කර තිබීමද විශේෂත්වයකි.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS