සෝනම්ගේ නිවසට හොරු පැනලා



ජනප්‍රිය බොලිවුඩ් නිළි සෝනම් කපූර්ගේ දිල්ලියේ පිහිටි නිවසින් කෝටි 2.4 ක් වටිනා මාලයක් සහ මුදල් හොරකම් කර ඇති බවත්, මාලය හොරකම් කර ඇත්තේ නිවසේ සේවය කළ හෙදියක් බවත් පොලිසිය පවසයි.

හෙදිය මෙම සොරකම කර ඇත්තේ ඇගේ සැමියාගේ ද සහාය ඇතිව යැයි සිදු කළ පොලිස් විමර්ශනවලින් තහවුරු වී තිබේ.

මෙම හෙදිය, නිවසේ සේවයට පැමිණ ඇත්තේ සෝනම්ගේ අසනීප තත්ත්වයෙන් පසුවන මව රැක බලා ගැනීමට බව ද පොලිසිය වැඩි දුරටත් පවසා තිබේ.

සොරකම් කළ මාලය හෝ මුදල් හෝ මෙතෙක් හමුවී නැත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS