සොෆියා කුමරිය රෝහල් සේවයට එක්වෙයි

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ස්වීඩනයේ සොෆියා කුමරිය හෙද සේවයට එක්වී සිටින බව එරට පුවත් සේවා වාර්තා කරයි.
සොෆියා කුමරිය ස්ටොක්හෝම් අගනුවර රෝහලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සහාය දක්වන්නේ හෙද සහායිකාවක් ලෙසය. ඒ ඇය ස්ටොක්හෝම් ෆොෆියාහෙමට් විශ්ව විද්‍යාලයේ තෙදින විශේෂ පුහුණුවක් ලැබීමෙන් පසුව යැයි ස්වීඩන රජ මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නිරූපිකාවක මෙන්ම දෙදරු මවක ද වන 35 හැවිරිදි සොෆියා කුමරිය සමාජ සේවිකාවක ලෙස ප්රකටය. ඇය විවාහ වී සිටින්නේ කාල් පිලිප් කුමරුන් සමඟය. කාල් පිල්ප් කුමරු යනු ස්වීඩන රජ කිරුළට හිමිකම් කියන සිවුවැනි උරුමකරුය. ස්වීඩනයේ රජු ලෙස කටයුතු කරන්නේ කුමරුන්ගේ පියා කාර්ල් ගුස්ටාෆ් ය. සොෆියා කුමරිය ස්වීඩන රජ පවුලේ සාමාජිකාවක වූයේ 2015 දී පිලිප් කුමරුන් සමඟ විවාහ වීමෙන් අනතුරුවය.
ස්වීඩනයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 14,000 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 1,350 පසු කර ඇති බව වාර්තා වේ. වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමේ අරමුණ ඇතිව ස්වීඩනය ද දේශසීමා වස දමා ඇත. ස්වීඩනය මායිම් වන්නේ නෝර්වේ රාජ්‍යයට සහ ෆින්ලන්තයටය.
සෑම සතියකටම ලක්ෂයක පිරිසක් කොවිඞ් 19 වයිරස ආසාදිතයන් ද නැද්ද සෙවීමේ පරීක්ෂණයට භාජනය කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ස්විඩන අග්‍රාමාත්‍ය ස්ටෙෆාන් ලොෆෙන් පවසා ඇත. ඒ, එරට සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති උපදෙස් අනුවය.

