සිනමා නිෂ්පාදක ඇන්ඩෲ වජ්නා සමුගනී



80 සහ 90 දශකයේ අතිශය ජනප්‍රිය වූ හොලිවුඞ් ක්‍රියාදාම චිත්‍රපට රැසක නිෂ්පාදක ලෙස කටයුතු කළ ඇන්ඩෲ ජේ වජ්නා පසුගිය දා දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 75 කි.

සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිත නිරූපණය කරන පළමු රැම්බෝ චිත්‍රපට 3 සහ ස්ටැලෝන් රඟන ‘ජජ් ඩේ‍රඞ්’ චිත්‍රපටය, ආර්නෝල්ඞ් ස්වාසනගර් ප්‍රධාන චරිත නිරූපණය කළ ‘ටෝටල් රීකෝල්’, ‘රෙඞ් හීට්’ පමණක් නොව මැඩෝනා ප්‍රධාන චරිත නිරූපණය කළ ‘ඉවීටා’ චිත්‍රපටය නිෂ්පාදය කළේ ද ඇන්ඩෲ ජේ වජ්නා.

1973 වසරේ සිට 2009 තෙක් කාලයේ වජ්නා නිෂ්පාදනය කළ චිත්‍රපට සංඛ්‍යාව 59 කි. වජ්නා උපත ලැබුවේ 1944 වසරේ බුඩපාස්ට් නුවරදීය. සෝවියට් පාලනයට එරෙහිව හංගේරියාවේ විප්ලවය පැවැති සමයේදී, වජ්නා කැනඩාවට සංක්‍රමණය වී ඇත. ඒ, රතු කුරුස සංවිධානයේ ආධාර ඇතිවය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 12 කි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS