සාහිත්‍යය සම්මානය ජපන් බ්‍රිතාන්‍ය ලේඛකයාට
‘ද රිමේන්ස් ඔෆ් ද ඬේ’ රචනා කළ ජපාන බ්‍රිතාන්‍ය ජාතික නවකතාකරුවකු වන කසුවෝ ඉෂිගුරෝ ඉකුත් දා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත්විය.
ජපානයේ උපත ලැබූ ඉෂිගුරෝ 1960 වසරේදී බ්‍රිතාන්‍යයට පැමිණි, බ්‍රිතාන්‍යයේ පුරවැසි බව ලබාගැනීමට කටයුතු කළ අතර ඔහු විසින් ලියන ලද 1989 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ‘ද රිමේන්ස් ඔෆ් ද ඬේ’ ඉෂිගුරෝට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ඉෂිගුරෝගේ ‘ද රිමේන්ස් ඔෆ් ද ඬේ’ ‘මෑන් බුකර්’ සම්මානය ද හිමිවිය.
හැට දෙහැවිරිදි වියේ පසුවන ඉෂිගුරෝ 2008 වසරේදී ‘ද ටයිම්ස්’ සඟරාව ප්‍රකාශයට පත් කරන ලද 1945 සිට බ්‍රිතාන්‍යයේ හොඳම ලේඛකයන් 50 දෙනා අතරින් 32 වැනි තැනට පත්විය.
ඉෂිගුරෝගේ නවකතාවල තිබෙන විශිෂ්ට චිත්තාවේගි බලය ලෝකයත් අපත් අතර තිබෙන පතුලක් නොමැති ගැඹුරු මායාකාරී සබඳතාව අනාවරණය කිරීමට සමත්ව ඇතැයි නොබෙල් කමිටුව කසුවෝ ඉෂිගුරෝ දිනාගන්නා බව නිවේදනය කරමින් ප්‍රකාශ කළේය.
හර්ෂණ තුෂාර
(රොයිටර්)