සනී ලියොන්ට සුබ උපන් දිනයක්



බොලිවුඩ් සරාගිනිය සනී ලියොන් අද සිය 40 වැනි උපන් දිනය සමරයි. අද උදෑසන සිට සමාජ මධ්‍ය ඔස්සේ ඇයට සුබ පැතුම් ගලා එන්න විය.

එසේ සුබ පැතූ තම රසික රසිකාවියන් සැමට ස්තුති කිරීමට පමණක් නොව, මුහුණු ආවරණ පැලඳ සමාජ දුරස්ථභාවය රැකගෙන කටයුතු කරන්නැයි යහපත් සෞඛ්‍ය උපදෙස් ලබා දීමට ද සනී ලියොන් අමතක නොකළාය.

'මා හැමෝටම ආදරෙයි. කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලෙන් බේරෙන්න සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්න.  ඔයාලත් හැමෝටම ආදරේ කරන්න. වෛර කරන්න එපා කාටවත්. දෙවි පිහිටයි' යැයි සනී ලියොන්, ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව හරහා පවසා තිබුණි.

ලොක්ඩවුන් තහංචි හේතුවෙන් සනී ලියොන් මේ වනවිට ඇගේ පවුලේ සාමාජිකයන් සමඟ නිවසට කොටුවී සිටින්නීය‍. පසුගිය දා මවුවරුන්ගේ දිනය දවස ඇයට තරමක් කාර්ය බහුල විය. ඒ ඇය දරු තිදෙනකුගේ මවක නිසාය.

එදින ඇය දරු තිදෙනා සහ සැමියා ඩැනියෙල් සමඟ මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ඡායාරූප පළ කිරීමට ද අමතක නොකළාය.

සනී ලියොන්ගේ මීළඟ සිනමා නිර්මාණය වනු ඇත්තේ වික්‍රම් භාත් අධ්‍යක්ෂණය කරන 'අනාමිකා' ය. ඊට අමතරව, තිරගත වීමට නියමිත 'ෂීරෝ' චිත්‍රපටයේ ද සනී ලියොන්ගේ රංගනය දැකගත හැකිවෙයි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS