සනී ලියොන් මවිත කළ රසිකයා



සනී ලියෝන් ගැන අටුවාටිකා අවශ්‍ය නැත. පසුගිය දා සනී ලියොන්ට සතුටු වීමට පමණක් නොව ආඩම්බර වීමට ද හේතුවක් උදා විය. ඒ, ඇයට ඇයගේ රසිකයෙකු හමුවීමත් සමඟය.

මේ තරුණ රසිකයා, සනී ලියොන්ට කොතරම් ඇලුම් කරනවාදැයි කීවොත් ඔහු ඇගේ නම ඔහුගේ අතේ පච්චා කොටාගෙන ඇත.

තරුණයාගේ පච්චය පෙන්වමින් සනි ලියොන් රූගත කළ කෙටි වීඩියෝ දසුන් මේ වනවිට ඇගේ Instagram සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, ඉන්දීය මාධ්‍ය අවධානය ද ඊට යොමු වී තිබේ.

'දැන් ඔයාට සිදුවේවි හැමදාම මට ආදරේ කරන්න. ඔයාට බිරිඳක් හමුවුණොත් ඒක වාසනාවක්' යැයි සනී ලියොන් එම වීඩියෝ දසුන්වලට Comment යොදා තිබේ.

ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට රැසක සනී ලියොන් දැක ගැනීමට හැකිවනු ඇතැයි Times of India වෙබ් අඩවිය පවසයි.

වික්‍රම් භාත්ගේ 'අනමිකා', මලයාලම් චිත්‍රපයක් වන රංගීලා, දමිල චිත්‍රපට දෙකක් වන 'වීරමාධවී' සහ 'ෂෙරෝ එම චිත්‍රපට යැයි පැවැසෙයි. සනී ලියොන්ගේ රංගනය දැකිය හැකි මීළඟ හින්දු චිත්‍රපටය වනු ඇත්තේ 'හෙලන්' ය.

Times of India


RECOMMEND POSTS