ෂේන් වෝර්න්ගේ සමු ගැනීම



ලොව බිහි වූ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝර්න් හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී ඇත.

වෝර්න් මිය යන විට 52 වැනි වියේ පසු වූ අතර ඔහු ලොව බිහි වූ ක්‍රිකට් විශිෂ්ටයකු මෙන්ම ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස ද සැලකේ.

ඔහු තායිලන්තයේ කෝහ් සමුයි දි සෙනසුරාදා අලුයම් කාලයේ දී මරණයට පත්ව ඇති බව ෂේන් වෝර්න්ගේ කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනය ක දැක්විණි.

ෂේන් වෝර්න් ඔහුගේ මන්දිරයේ සිටියදී සොයාගනු ලැබ තිබෙන අතර ඒ අවස්ථාවේ දී ඔහු කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

වෛද්‍ය කණ්ඩායම උපරිම උත්සාහ ගත්ත ද ඔහු ගේ දිවි ගලවා ගැනීමට නොහැකි වූ බව ද කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

“මේ අවස්ථාවේ දී පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. ඉදිරි පියවර සහ තොරතුරු ඉක්මනින් දැනුම් දෙනවා” ෂේන් වෝර්න්ගේ පවුල දැනුම් දී ඇත.

ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ තවත් විශිෂ්ටයකු ලෙස සැලකෙන රොඩ් මාර්ෂ් අවමංගල්‍යයෙන් පැය 24කට යාමටත් මත්තෙන් මෙම පුවත වාර්තා විය.

වසර 15ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී ටෙස්ට් කඩුළු 708 ක් දවාගැනීමට ෂේන් වෝර්න් සමත් වූ අතර ඔහු දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණි.

ඔහු 1999 වසරේ ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකි.

එමෙන්ම ඔහු 1993 වසරේ සිට 2003 වසර දක්වා අළු බඳුන ශූරතාව දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් පහක සාමාජිකයෙකි.

හර්ෂණ තුෂාර සිල්වා
ෆොක්ස් ක්‍රිකට්

RECOMMEND POSTS