ෂාරුක් සීයා කෙනෙක් තල්ලු කරලා
සම්මානනීය සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දොස් ඇසීමට සිදුවී ඇත. ඒ, ජාත්‍යන්තර සම්මාන උළෙලක රතු පලස මතදී, මාධ්‍යවේදීන්ගේ ඡායාරූපවලට පෙනී සිටි ෂාරුක්, ඔහුට බාධාවක් වූ මහලු පුද්ගලයකු පැත්තට තල්ලු කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමිනි.
මෙම සිද්ධියට අදාල වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. එය බොහෝ දෙනාගේ කතාබහට හේතුවක් වී ඇත. ෂාරුක්ට දොස් නගා ඇත්තේ න්රන්තරයෙන් ඔහුට විවේචන එල්ල කරන පුද්ගලයන්ය.
පසුපසට යන්නැයි ෂාරුක් ඛාන් තල්ලු කරන එම වයෝවෘද්ධ පුද්ගලයා කවුරුන්දැයි අනාවරණය වී නැත. එසේ වුවත්, චෝදනා එල්ල වෙද්දී, ෂාරුක් වෙනුවෙන් පෙනී සිටි ෂාරුක් හිතවාදීන් කිහිප දෙනකු පෙන්වා දී ඇත්තේ ෂාරුක් පසුපසට තල්ලු කළ එම පුද්ගලයා ෂාරුක්ගේ මිතුරකු බවය.
ෂාරුක් ඛාන් රතු පලස මතින් පැමිණියේ, ස්විට්සර්ලන්තයේ ලොකර්නෝ සිනමා සම්මාන උළෙලට සහභාගී වීමටය.
සම්මාන උළෙල අගෝස්තු 7 වැනිදා සිට 17 වැනිදා තෙක් ලොකර්නො නගරයේ පැවැත්විණි. ලොකර්නෝ සිනමා සම්මාන ලොව ප්‍රධාන පෙළේ ජාත්‍යන්කර සිනමා සම්මාන උළෙලක් ද වෙයි.
සම්මාන උළෙලේ දී ‘පාර්ඩෝ අල්ලා කෙරියේරා’ සම්මානය ෂාරුක්ට හිමිවිය. එම ගෞරවණීය සම්මානය හිමිකරගත් පළමු ඉන්දියානුවා බවට පත් වූයේ ද ෂාරුක්ය.
(එන්.ඩී.ටීවී.)