වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග
මෙම 2024 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්‍රදානය මේ වනවිට ආරම්භ වී ඇති අතර, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් විද්‍යාඥයන් දෙදෙනකු වන වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් අතරේ බෙදී ගියේය.
මයික්‍රෝ ආර්.එන්.ඒ. අණු සම්බන්ධයෙන්, ඇම්බ්‍රෝස් සහ රුව්කුන් යන දෙදෙනා කළ පර්යේෂණ ඇගැයීමට ලක් කරමින් නොබෙල් ත්‍යාගය ඔවුන්ට පිරි නැමීම සිදු කෙරුණි.
පෘථිවියේ සංකීර්ණ ජීවය පහළ වීම, මනුෂ්‍ය වර්ගයා බිහිවීම සහ මනුෂ්‍ය සිරුරේ විවිධ ස්ථර නිර්මාණය වූ ආකාරය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කිරීමට ඇම්බ්‍රෝස් සහ රුව්කුන් ට හැකිවී ඇති බව නොබෙල් කමිටුව පැහැදිලි කළේය.
ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11ක (රුපියල් කෝටි 31 ක් පමණ) ත්‍යාගයක් ඇම්බ්‍රෝස් සහ රුව්කුන් ට හිමි වෙයි.
(ඒ.එෆ්.පී.)