වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ස්වීඩන විද්‍යාඥයකුට



2022 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්‍රදානය මේ වනවිට ආරම්භ වී ඇත. ඒ අනුව, පළමුවෙන් ත්‍යාග ප්‍රදානය සිදුවූයේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිණි.

ඒ අනුව, 2022 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ස්වීඩන විද්‍යාඥ ස්වන්තේ පාබෝට හිමිවිය.

මානව පරිණාමය පිළිබඳව සහ මානව ජාන සම්බන්ධව කළ සොයා ගැනීම් ඇගැයීමට ලක් කරමින්, ස්වන්තේ පාබෝට මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිවනු ඇතැයි නොබෙල් කමිටුව පැහැදිලි කර තිබේ.

ස්වන්තේ පාබෝට නොබෙල් පදක්කමට අමතඑව ලැබෙන තෑගි මුදල ස්වීඩන ක්‍රවුන් මිලියන 10 කි. (ඇමෙරිකන් ඩොලර් 900,357 කි)

(රොයිටර්)


RECOMMEND POSTS