විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් ඇගයීමට ලක් වෙයි



හානිකර දුම්කොළ භාවිතය මර්දනය කිරීම වෙනුවෙන් කරන ලද සුවිශේෂී කාර්යභාරය ඇගයීමක් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා අග්නිදිග ආසියානු කලාපයේ මේ වසරේ සම්මානලාභියකු ලෙස නම් කර ඇත.

ඒ අනුව මේ වසරේ අග්නිදිග ආසියානු කලාපයේ, ලොව දුම්කොළ විරෝධී (South-East Asia Region WHO World No Tobacco Day 2021) සම්මානලාභීන් අතරට විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතාගේ නමද ඇතුළත්ව ඇත. ජාතික දුම්කොළ සහ මද්‍යාසාර පිළිබඳ ජාතික අධිකාරියේ හිටපු සභාපතිවරයකු වන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ලොව පිළිගත් ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය විශේෂඥයෙකි.

එපමණක් නොව විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉකුත් වසරේ දී ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් පත්කළ විශේෂ නියෝජිතයන් හයදෙනාගෙන් කෙනෙකි. විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ශ්‍රී ලංකාව තුළ හානිකර දුම්කොළ සහ මද්‍යසාර භාවිතය අඩු කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග රැසක් ගත් පුද්ගලයෙකි.

විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ද වේ.

ලොවපුරා පැතිර යන කොවිඩ්-19 වයිරසයට ගෝලීයව ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් ලොව විවිධ කලාප සම්බන්ධ කරගනිමින් උපායමාර්ගික උපදෙස් ලබාදීමත් ඉහළ පෙළේ දේශපාලනික සාකච්ඡා යනාදිය සඳහාත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් මහතා පසුගිය වසරේ දෙසැම්බර් 21 වැනිදා හයදෙනකුගෙන් සමන්විත විශේෂ නියෝජිතයන් පිරිසක් පත් කළේය.

විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා එම හයදෙනාගෙන් කෙනෙකි. අබේකෝන් මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු ද වේ. විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ජිනීවා, සදර්න් කැලිෆෝනියා සහ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය සහ පුහුණුව ද ලබා ඇත.


RECOMMEND POSTS