විලියම් හර්ට් සමුගනී



ඔස්කාර් සම්මානනීය හොලිවුඞ් නළු විලියම් හර්ට් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 71 කි.

විලියම් හර්ට් රංගනයෙන් දායක වුණු ‘ද බිග් චිල්’, ‘අ හිස්ටරි ඔෆ් වයලන්ස්’ වැනි සිනමා ලෝලීන්ගේ පමණක් නොව, සිනමා විචාරකයන්ගේ ද පැසැසුමට ලක්වී තිබේ.

2018 වසරේ දී විලියම් හර්ට් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව වෛද්‍යවරු පවසා තිබුණි. කෙසේ නමුත්, හර්ට් මියගොස් ඇත්තේ පිළිකාවෙන් නොවන බව ඔහුගේ පුතු විල් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

පසුගිය කාලයේ අතිශය ජනප්‍රිය වූ මාවල් සුපිරි වීරයන්ගේ චිත්‍රපටවලටත් විලියම් හර්ට් සම්බන්ධ විය. ඒ, තන්ඩර් බෝල්ට් රෝස් නමැති හමුදා නිලධාරියාගේ චරිතයට පණ පොවමිනි.

තන්ඩර් බෝල්ට් රෝස් ලෙස විලියම් හර්ට් රංගනයෙන් එක්වුණු චිත්‍රපට වන්නේ ‘ද ඉන්ක්‍රෙඩිබල් හල්ක්’, ‘කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ’, ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝ’, ‘ඇවෙන්සජර්ස් එන්ඩ්ගේම්’ සහ ‘බ්ලැක් විඩෝ’ යන චිත්‍රපටය.

(රොයිටර්)


RECOMMEND POSTS