විජයි ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන



කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පියෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ද වන විජයි ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය චර්ච් පාර්ක් පාසලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවය.

කිසියම් මානසික ආතතියකින් පෙළණු බව පැවැ​සෙන මෙම දියණිය ඊයේ (18) රාත්‍රියේ නින්දට ගොස් අලුයම 3 ට පමණ නිවසේ විදුලි පංකාවේ එල්ලී සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ. රෝහල්ගත කරන විටත් ඇය මියගොස් සිටියාය.

රංගන ශිල්පී විජයි ඇන්ටනී 2006 වසරේ දී ෆාතිමා සමග විවාහ දිවියට පැමිණ ඇති අතර, මියගොස් ඇත්තේ මීරා නැමති 16 හැවිරිදි දියණියයි. විජයි ඇන්ටනී සහ ෆාතිමා ට දියණියන් දෙදෙනෙකි.

RECOMMEND POSTS