වැලන්ටයින් වෙනුවෙන් හැඩවුණු අනන්‍යා



'ගෙහ්රයියාන්' Gehraiyaan (2022) චිත්‍රපටය 'ඇමසන් ප්‍රයිම්'  Amazon Prime හරහා විකාශනය වන සොහොයුරියන් දෙදෙනකු වටා ගෙතෙන අසම්මත ප්‍රේමයක් ගැන කියැවෙන සෘංගාරාත්මක බොලිවුඩ් චිත්‍රපටයකි.

චිත්‍රපටයට බොලිවුඩයේ ජනප්‍රිය තරු දෙකක් වන 23 හැවිරිදි  අනන්යා පාණ්ඩේ සහ දීපිකා පදුකෝන් එක් වී සිටින අතර, 'ගෙහ්රයියාන්' Gehraiyaan (2022) චිත්‍රපටය හේතුවෙන් අනන්යා සහ දීපිකා ගැන මේ දිනවල නිතරම පුවත් ඇසෙන්න පටන් ගෙන තිබේ.

වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් රතු පැහැ ගවුමකින් සැරැසී ඡායාරූප එකතුවකට පෙනී සිටි අනන්‍යා මේ වනවිට එම ඡායාරූප ඇගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කෙරැණි. ඒ අනුව ඉන්දීය පුවත් සේවාවල අවධානය ද ඊට යොමු විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS