ලොව වයස්ගතම මිනිසා මියයයි



ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ඉන්දුනීසියානු ජාතික ඉලමාදෝ සොදිමේජෝ මෙලොවින් සමුගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මියයන විට ඉලමාදෝ සොදිමේජෝගේ වයස අවුරුදු 146 ක් වූ බව පැවැසෙයි. ‘ගොටෝ සීයා’ යනුවෙන් කාගේත් ආදරයට පාත්‍ර වූ මොහු උපත ලබා ඇත්තේ 1870 වසරේ යැයි පැවැසෙයි.

කෙසේ නමුත් උප්පැන්න සහතිකයක් නොමැති නිසා මේ බව සනාථ කිරීමේ ගැටලු පවතින බව ඉන්දුනීසියානු බලධාරීහු කියති. ඉන්දුනීසියා බලධාරීන් එරට පදිංචිකරුවන්ට උප්පැන්න ලබා දීම සිදු කර ඇත්තේ 1900 දශකයේ සිටය.

ඉලමාදෝ සොදිමේජෝ උපත ලබා ඇත්තේ ඊට පෙර යැයි තහවුරු වී ඇතැයි බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
අයහපත් සෞඛ්‍යය හේතුවෙන් ඉලමාදෝ සොදිමේජෝලේ පසුගිය 12 වැනිදා රෝහ්ල් ගත කළ බවත් ඔහුගේ සෞඛ්‍ය පිරිහීම හේතුවෙන් මරණය සිදුවුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS