ලොක්ඩවුන් මැද්දේ සනී ලියොන් සරාගී වෙලා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය මැද ‘ලොක්ඩවුන්’ වී, සැමියා ඩැනියෙල් වෙබර් සහ දරු තිදෙනා සමඟ නිවසට සීමා වුණු බොලිවුඞ් සරාගිනී සනී ලියොන් ඇගේ ඉන්ස්ට්‍රගෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීමේ ‘චැට්’ සේවාවක් ආරම්භ කර තිබේ.

මෙම ‘චැට්’ සේවාව නම් කර ඇත්තේ ‘ලොක්ඞ් අප් විත් සනී’ යන නමිනි. මෙය වීඩියෝ වැඩසටහන් පෙළක් ලෙස නිර්මාණය වෙයි. ‘ලොක්ඞ් අප් විත් සනී’ ඉන්ස්ට්‍රගෑම් වැඩසටහන් පෙළ පසුගිය දා ආරම්භ වූයේ ඩබූ රට්නායි සහ මදානා කරීමි සම්බන්ධ කර ගනිමිනි.

පළමුවැනි වැඩසටහනට යූටියුබ් හරහා ජනප්‍රිය චරිතයක් වී සිටින අනීෂා ඩික්සිට් සම්බන්ධ වූවාය. මේ වනවිට ‘ලොක්ඩ් අප් විත් සනී’ වැඩසටහන් කිහිපයක් නිර්මාණය වී ඇති අතර යූටියුබ් හරහා ඒවා නැරැඹිය හැකිය.

එපමණක් නොව, නිවෙස්වලට සීමා වුණු තම රසික රසිකාවියන් වෙනුවෙන් සනී ලියොන්, ඇගේ බිකීනි ඡායාරූප පෙළක් ද ප්‍රසිද්ධියට පත් කර ඇත.


RECOMMEND POSTS