ලක්මී විලාසිතා සතිය



ලක්මී විලාසිතා සතිය සුපුරුදු පරිදි ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත් වුණු බවත්, ලෝක ඡායාරූප දිනය නිමිත්තෙන් විශේෂ විලාසිතා දැක්මක් ද පැවැත්විණි.

බොලිවුඩ් සුරූපිනියන් රැසක් මෙවර ද ලක්මී විලාසිතා දැක්මට එක් වූහ. රීයා සෙන් ලක්මී විලාසිතා දැක්මට සහභාගී වූයේ කැමරා දෙකක් ද අතැතිව ඡායාරූපවලට පෙනී සිටිමිනි.

සනී ලියොන්, ෂයියාමි කේර්, රාගිනී කන්නා, තාරා ෂර්මා, ඉලේනා දි කෘස් ආදී බොලිවුඩ් සරාගිනියෝ රැසක් මෙවර විලාසිතා දැක්මට එක් වූහ.

ලක්මී විලාසිතා සතිය සඳහා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණශිල්පීහු ඔවුන්ගේ නවමත විලාසිතා ඉදිරිපත් කරති. ලක්මී විලාසිතා සතිය ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ විලාසිතා දැක්මක් ද වෙයි. එය ජාත්‍යන්තරයේ පවා කතාබහට ලක් වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS