රොව් වීස්ලිට පද්මා හමුවෙලා



හැරී පොටර් චිත්‍රපට ගැන නොදන්න කෙනෙක් නැත. හැරී පොටර් චිත්‍රපට පෙළේ හැරී පොටර්ගේ හොඳම මිතුරා රොන් වීස්ලිගේ චරිතයට පණ පෙව්වේ රූපට් ග්‍රින්ට්ය.

රූපට් ග්‍රින්ට් සහ 'හැරී පොටර් ගොබ්ලට් ඔෆ් ෆයර්' චිත්‍රපටයට රංගනයෙන් එක් වුණු ඉන්දීය සම්භවයක් සහිත ළමා නිළි අෆ්ෂාන් අසාද් පසුගිය දිනෙක එකිනෙකා මුණ ගැසුණහ. ඒ, වසර 20 කට පසුවය.

'හැරී පොටර් ගොබ්ලට් ඔෆ් ෆයර්' චිත්‍රපටයේ ඉන්දීය සම්භවයක් ඇති යුවතියන් දෙදෙනෙකි. ඒ, යුවතියන් දෙදෙනා කැපී පෙනෙන්නේ හැරී පොටර් සහ රොන් වීස්ලි 'යූල් බොල්' නමැති සාදයේ නැටුමට යද්දීය.

ඉන්දීය සම්භවයක් ඇති එම යුවතියන් දෙදෙනාගෙන් එක් කෙනකු පද්මා පටිල් නැමැත්තියයි. අෆ්ෂාන් අසාද් රංගනයෙන් දායක වූයේපද්මාගේ චරිතයටය.

අද වසර 20 ක් ගතවෙද්දී අෆ්ෂාන් අසාද් දෙදරු මවකි. රූපට් ග්‍රින්ට් එක් දරු පියෙකි. යළි මුණ ගැසුණු රූපට් සහ අෆ්ෂාන් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළ අතර එය හැරී පොටර් චිත්‍රපට ලෝලීන්ගේ අවධානයට ලක් විය.

'හැරී පොටර් ගොබ්ලට් ඔෆ් ෆයර්' චිත්‍රපටයේ කතාවට අනුව සාදයට යන රොන්, පද්මාට නටන්න යමු යැයි ආරාධානා කරන්නේ නැත. එම සිද්ධිය ද යළි සිහිපත් කරමින්, ඡායාරූපය සමඟ අෆ්ෂාන්, මෙසේ සටහනක් පළ කළාය. 'එයා තවමත් මට නටන්න යන්න ආරාධනා කළේ නැහැ'

(ඉන්දියා ටුඩේ ඇසුරිනි)


RECOMMEND POSTS