රුසියාවේ එකම ගගනගාමිනිය අභ්‍යවකාශයට යන්න සූදානම්



රුසියානු අභ්‍යවකාශ ආයතනයේ ක්‍රියාකාරී එකම කාන්තා ගගනගාමියා ඇනා කිකිනා අභ්‍යවකාශ නැවැතුම්පොළට යෑමට සූදානම් වෙයි. ඇනා කිකිනා අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යනු ඇත්තේ ලබන ඔක්තෝබර් 3 වැනිදාය.

ඉන්ජිනේරුවරියක වන 37 හැවිරිදි කිකිනා අභ්‍යවකාශ නැවැතුම්පොළට යෑමට නියමිතව ඇත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනය හා සම්බන්ධ ස්පේස් එක්ස් සමාගමේ රොකට්ටුවකින් සහ ඩ්‍රැගන් ගගන කැප්සියුලයෙනි.

රුසියානු අභ්‍යවකාශ ආයතනය වන ‘රොස්කොස්මොස්’ නියෝජනය කරමින් අභ්‍යවකාශ නැවැතුම්පොළට යන පස්වැනි රුසියානු කාන්තා ගගනගගාමියා වනු ඇත්තේ ද කිකිනා ය.

මත ගැටුම් පැවැතියත් අභ්‍යවකාශ කටයුතුවලදී රුසියානු රජයේ ‘රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය සහ ඇමෙරිකන් රජයේ ‘නාසා’ ආයතනය අතරේ යහපත් සබඳතා පවතී.

මේ වනවිට දිනෙන් දින ඔඩුදුවමින් පවතින යුක්රේන අර්බුදය හේතුවෙන් ඇමෙරිකාවත් රුසියාවත් අතර විරසකයක් පැවැතියත්, ‘රොස්කොස්මොස්’ ආයතනය සහ ‘නාසා’ ආයතනය සහයෝගයෙන් ඔවුන්ගේ කටයුතු සිදු කරමින් සිටී. කිකිනා, අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගමන් කරනු ඇත්තේ ඇමෙරිකන් ගගනගාමීන් ද සමඟෙය.

(රොයිටර්)


RECOMMEND POSTS