රුසියන් රොබෝ පුටින්ට පේන්න නටලා



මොස්කව් නුවර පැවැත්වුණු රාබෝ තාක්ෂණික ප්‍රදර්ශනයක් අතරතුරේ, කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වුණු මානවරූපී රොබෝවකුගේ නර්තනයක් දැක ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හැකියාව ලැබුණි.

මෙම රොබෝ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණේ රුසියාවේ විශාලතම බැංකුව ලෙස සැලකෙන ස්බර්බැන්ක් හි තාක්ෂණික අංශයයි. මානවරූපී රොබෝ දැක්වූ නර්තනය සම්බන්ධයේ පුටින් පුදුමයට පත්වුණු බව ද පැවැසෙයි. 

මානවරූපී රොබෝවරුන් යනු මිනිස් අපට සමාන සිරුරක් සහ අතපය ඇති රොබෝවරුන්ය. මෙම රොබෝ පුටින් සමඟ කතාබහ කළේය. තමන්ගේ නම ‘ග්‍රීන්’ යැයි රාබෝ පුටින්ට පැවැසුවේ, රුසියන් බසින් කතා කරමින් තමන් කවුරුන්දැයි හඳුන්වා දෙමිනි. තමන්ගේ කෙටි නර්තනය ඉවසීමෙන් බලා සිටීම සම්බන්ධයෙන් සහ තාක්ෂණික ප්‍රදර්ශනයට නැරැඹීමට පැමිණීම සම්බන්ධයෙන් රොබෝ, රුදියන් ජනාධිපතිවරයාට ස්තුති කළේය.


RECOMMEND POSTS