රිෂී කපූර් සමුගනී
ජනප්රිය මෙන්ම සම්මනනීය ප්රවීණ බොලිවුඞ් නළු රිෂී කපූර් අද (30) දිවියෙන් සමුගත්තේය.
මියයනවිට රිෂී කපූර්ගේ වයස අවුරුදු 67 කි. රිෂී කපූර් වසර ගණනාවක් තිස්සේ පිළිකාවකින් පීඩා විඳි අයෙකි. රිෂී කපූර් පිළිකා රෝගියකු වන හඳුනා ගැණුනේ 2018 දීය. ප්රතිකාර ලබමින් සිටිද්දී ද රිෂී කපූර් රංගන කටයුතුවල නියැලුණේය.
‘මුල්ක්’, ‘ද බොඩී’, ‘ජූතා කහීන් කා’ යනු 2018 සහ 2019 වසරවල රෂී කපූර් රංගනයෙන් එක් වුණු බොලිවුඞ් සිනමා නිර්මාණය.
රිෂී කපූර් ළමා නළුවකු ලෙස බොලිවුඞ් සිනමාවට පිවිසියේ 1970 වසරේ මෙරා නාම් ජෝකර් චිත්රපටයෙනි. මෙම චිත්රපටයේ ප්රධාන නළුවා වූයේ අධ්යක්ෂකවරයා වූයේත් රෂී කපූර්ගේ පියා මෙන්ම බොලිවුඞ් සිනමාවේ කීර්තිමත්, සම්මානනීය නළුවකු ද වන රාජ් කපූර්ය. රිසී කපූර් යොවුන් නළුවකු ලෙස ජනප්රිය වූයේ 1973 වසරේ ‘බොබී’ චිත්රපටයෙනි. ඒ, නිළි ඩිම්පල් කන්නා සමඟය.
රෂී කපූර්ගේ බිරිඳ බොලිවුඞ් නිළියක වන නීතූ සිං ය. රෂී කපූර්ට දියණියක සහ පුතකු සිටින අතර, පුතා බොලිවුඞ් සිනමාවේ ජනප්රිය නළුවකු වන රන්බීර් කපූර්ය. දියණිය රිද්මා කපූර් සහානී විලාසිතා නිර්මාණ ශිල්පිනියක ලෙස ප්රකටය.
මුම්බායිහිදීය (එන්.ඩී.ටීවී.)