රිෂිනිට සම්මාන



සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හි රිෂිනි වීරරත්න, Top50 Professional and Career Women's Global Awards 2023හි  ‘Leadership in Digital Media Award 2023’ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Women in Management Sri Lanka, International Finance Corporation විසින් සංවිධානය කරනු ලබන මෙම සමාගම ලෝක බැංකුවේ අනුබද්ධිත ආයතනයකි. 

ඩිජිටල් මාධ්‍ය තුළ නායකත්ව දරණ ඩිජිටල් අවකාශයේ කැපී පෙනෙන දක්ෂතා දක්වන පිරිස්  මෙහිදී  ඇගයීමට ලක් වේ. 

ඒ අනුව රිෂිනි වීරරත්න ඩිජිටල් මාධ්‍ය තුල දැක්වූ සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් මෙලෙස මෙම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. 

Top50 Professional and Career Women’s Global Awards යනු ව්‍යාපාර, දේශපාලනය, මාධ්‍ය, ක්‍රීඩා සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ආසියාවේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ කාන්තාවන්ගේ ජයග්‍රහණ සමරන වාර්ෂික උත්සවයකි. මෙම ඇගයීම් උත්සවය අනෙක් කාන්තාවන්ව දිරිගන්වන ලද්දක් වන අතර  සමාන අදහස් ඇති පුද්ගලයින් සමඟ ජාලගත කිරීමට වේදිකාවක් සපයයි.


RECOMMEND POSTS