රසායන විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් ඩෙන්මාර්ක විද්‍යාඥයන්ට



මේ වසරේ රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් සහ ඩෙන්මාර්ක විද්‍යාඥයන් තිදෙනකු අතරේ සමව බෙදී ගියේය.

රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවුණු ඇමෙරිකන් විද්‍යාඥයන් දෙදෙනා කැරොලීන් බර්ටෝසී සහ බැරී ෂාර්ප්ලස් ය. ඩෙන්මාර්ක විද්‍යාඥයා මෝටන් මෙල්ඩෙල්ය.

ඇමෙරිකන් විද්‍යාඥ බැරී ෂාර්ප්ලස් ට මීට පෙර ද රසායන විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමිවී තිබීම විශේෂත්වයකි. 81 හැවිරිදි බැරී ෂාර්ප්ලස් ට මීට පෙර නොබෙල් ත්‍යාගයක් හිමිවූයේ 2001 වසරේ දීය.

රසායන විද්‍යාව නව මානයකට යොමු කිරීමට මොවුන් තිදෙනා සමත්ව සිටින බවත් එය ඇගයීමට ලක් කරමින්, මෙවර රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය ඔවුන්ට පිරිනැමීමට තීරණය කළේ යැයි නොබෙල් කමිටුව පවසයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS