රජකම අත්හැරිය රැජින



බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින 2022 වසරේ සැප්තැම්බරයේ අභාවප්‍රාප්තවීමත්සමඟ යුරෝපා කලාපයේ වැඩිම කාලයක් රජ කිරුළ දරා සිටි රාජකීයයා ලෙස වාර්තා අතරට එක් වී සිටියේ ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජිනය. නව අවුරුදු දා ඩෙන්මාර්ක ජාතික රූපවාහිනිය ඔස්සේ රට වැසියන් අමතමින්, නව අවුරුද්දේ ඔවුන්ට සුබ පැතුම් එක් කරමින්, මාග්‍රෙත් රැජින ඔවුන් පුදුම කළාය. ඒ, තමන් රජකම අත් හැරීමට සූදානම් බවත්, තම පුතු ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරුන්ට කිරුළ පිරිනැමෙනු ඇති බවත් පවසමිනි.

මාග්‍රෙත් රැජින, කිරුළ දරා, ජනවාරි 14 වැනිදාට වසර 52 ක් සපිරෙයි. ඇය රජකම අත්හරිමින්, රජ කිරුළ ඔටුන්න හිමි සිය වැඩිමල් පුතු ෆෙඩ්රික් කුමරුන්ට පිරිනමන්නේ එදිනය.“මා රජකම අත්හරිනවා. කිරුළ පුතුට දෙනවා” යැයි 83 හැවිරිදි මාග්‍රෙත් රැජින පැවැසීම, රජ පවුලට ආදරය කරන ඩෙන්මාර්ක වැසියන් පුදුම කිරීමට හේතුවක් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මාග්‍රෙත් රැජින, අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් ද පසුවන්නීය. පසුගිය 2023 වසරේ පෙබරවාරියේ ඇය කොන්දේ සැත්කමකට ද ලක් වූවාය. එය ද රජකම අත්හැරීමට ඇය ගත් තීරණයට එක් හේතුවක් බව පැවසෙයි. “සැත්කමින් පසු අනාගතය ගැන සිතන්න මා පෙලඹුණා. රජ පවුලේ මීළඟ පරම්පරාවට වගකීම් පැවැරීම කළ යුතු යැයි මා සිතුවා. දැන් ඒකට වෙලාව ඇවිල්ලා.” යැයි රූපවාහිනියෙන් ඩෙන්මාර්ක වැසියන් ඇමතූ මාග්‍රෙත් රැජින, වසරගණනාවක්තිස්සේ, ඩෙන්මාර්කජනතාවතමාටදැක්වූසහයෝගයටස්තුති කිරීමට පවා අමතක නොකළාය.

කිරුළ අත්හරින බව රැජින නිවේදනය කිරීමෙන් පසු, ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් රැජින වෙනුවෙන් ස්තුති කතාවක් ද කළේය. “ඩෙන්මාර්කය වෙනුවෙන් ජීවිත කාලය පුරාවටම කැපවීම සහ නොපසුබස්නා උත්සාහය වෙනුවෙන් මහ රැජින වෙත සමස්ත ජනතාව වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි”යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

මාග්‍රෙත් රැජින, සෑමවසරකමඅලුත්අවුරුදුදා ඩෙන්මාර්ක ජාතික රූපවාහිනිය ඔස්සේ පෙනී සිටින්නීය. ඒ, ඩෙන්මාර්ක වැසියන් අමතමින් ඔවුන්ට නව අවුරුද්දේ සුබ පැතීමටය. මේ වසරේ, ඩෙන්මාර්ක වැසියන්ට සුබ පැතීම මඳකට ප්‍රමාද කරමින් ඇය මැදපෙරදිග කලාපයේ ඊශ්‍රායල හමාස් ගැටුම ගැන අදහස් දැක්වූවාය. රුසියන් යුක්රේන යුද්ධය ගැන කතා කළාය. දේශගුණික විපර්යාසවලින් සිදුවන බලපෑම ගැන අවධානය යොමු කළාය. වැදගත්ම කාරණාවට ඇය එළැඹුණේ ඉන් අනතුරුවය.

ලෝකයේ රජ පවුල් කීපයකි. අවිවාදයෙන් පිළිගැනෙන කරුණ නම්, ඒ අතරින් ලොව ජනප්‍රියතම රජ පවුල බ්‍රිතාන්‍ය රජ පවුලය. බ්‍රිතාන්‍ය රජ පවුල අභ්‍යන්තරයේ මෙන්ම සෙසු රජ පවුල් අභ්‍යන්තරයේ ද ගැටුම් පවතී. යුරෝපා රටවල ද රජ පවුල් කීපයකි. ඔවුන් සියලු දෙනා රජ පවුලේ රාජකීයයන් සංඛ්‍යාව අඩු කිරීමට තීරණය කර තිබේ. පසුගිය වසරේ, මාග්‍රෙත් රැජින මැදිහත් වී, සිය බාල පුතු ජෝකිම්කුමරුන්ගේ දරුවන්ගේ රාජකීය පදවි නාමයන් ඉවත් කිරීමට පියවර ගත්තාය. ජෝකිම් කුමරු, ඔටුන්නහිමිෆෙඩ්රික්කුමරුගේබාලසොහොයුරාය. මෙය රජ පවුල තුළ විරසකයක් ඇති කිරීමට හේතුවක් විය.

මාග්‍රෙත් රැජින ඩෙන්මාර්ක වැසියන් අතරේ ආදරයට පාත්‍ර වුණු ගෞරවණී, ජනප්‍රිය චරිතයකි. ඩෙන්මාර්ක වැසියන් බොහෝ දෙනා විශ්වාස කළේ දෙවැනි එලිසබත් රැජින සේම, ඇය ද මියයන තුරු ම සිංහාසනයේ රැඳී සිටිනු ඇති බවය.මාග්‍රෙත්රැජින, 2022 වසරේ, දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වූවාය. එලිසබෙත් මහ රැජින මියගියේ අවුරුදු 70ක්කිරුළ දරා සිටීමෙන් පසුවය. මාග්‍රෙත්කුමරිය, උපත ලබද්දී, ඇයට රජ කිරුළ හිමිවීමේ අවස්ථාවක් තිබුණේ නැත. එහෙත් ඇයට අවුරුදු 13 ලබද්දී,ඩෙන්මාර්කනීති වෙනස් වී, කාන්තාවන්ට සිංහාසනය ගැනීමට අවසර දෙන ලෙස වෙනස්වීමත් සමග ඇයට කිරුළ හිමිවීමේ අවස්ථාව උදා විය.

‘ඩේසි’ලෙස ආදරයෙන් හඳුන්වනු ලබන මාග්‍රෙත් රැජින දුම්පානය කිරීමේ පුරුදු, ජංගම දුරකථන සහ අන්තර්ජාලය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ප්‍රකට තැනැත්තියකි. ඇය පවසන්නේ ඒවා නොමැතිව තමා ඉතා සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවිතය ගතකරන බවය.

මාග්‍රෙත් රැජිනකලාකාරිනියක ලෙස කලාව වෙනුවෙන් කළ සේවය අතිමහත්ය. කලාවට ඇති ඇල්ම නිසාත් ඇය ප්‍රකට තැනැත්තියක වූවාය. රැජින පුරාවිද්‍යාවටදදැඩිඇල්මක්දක්වන්නීය. පුරා විද්‍යාකැණීම්කිහිපයකට පවා ඇය සහභාගී වී ඇත. මාග්‍රෙත්රැජින, තරුණ කාලයේ අධ්‍යාපනය ලැබුවේ මහා බ්‍රිතාන්‍යයේය. කේම්බ්‍රිජ් ගිර්ටන් විද්‍යාලයෙන් සහ ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් ඇය අධ්‍යාපනය ලැබුවාය. 1967 දී ඇය ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රිකයකු වන හෙන්රිද ලැබර්ඩ්ඩිමොන් පෙසාට් සමඟ විවාහවූඅතර, 2018 දී ඔහු මියයන තෙක්ම ඇය ඔහුගේ රාජකීය බිරිඳ වූවාය.

ඔටුන්න හිමි ෆෙඩ්රික්කුමරුන්ට රජ කිරුළ හිමිවන්නේ ජනවාරි 14 වැනිදාය. බ්‍රිතාන්‍යයේ තුන් වන චාල්ස් රජු මෙන්ම ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරු ද පරිසරයට ආදරය කරන රාජකීයයෙකි. 55 හැවිරිදි ෆෙඩ්රික්කුමරුගේබිරිඳවනමේරිකුමරිය, ඕස්ට්‍රේලියාවට අයත් ටැස්මේනියා දූපතේ හැදී වැඩුණු තැනැත්තියකි. 2000 වසරේ දී දෙදෙනා හමුවී එකිනෙකා හඳුනා ගනිද්දී, මේරි නීතිඥවරියක ලෙස රැකියාව කරමින් සිටියාය. ඔටුන්න හිමි ෆෙඩ්රික්කුමරු සහ මේරි කුමරියට දරුවන් සිවු දෙනෙකි. රාජකීය යුවළ ඔවුන්ගේ දරුවන් ලොකු මහත් කර ඇත්තේ රජ පවුලක සාමාජිකයන් ලෙස නොව, සාමාන්‍ය ඩෙන්මාර්ක දරුවන් ලෙසය. ඔවුන් අධ්‍යාපනය ලැබුවේ ඩෙන්මාර්ක රජයේ පාසල්වලය.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සම්ප්‍රදාය මෙන් නොවෙයි, ඩෙන්මාර්ක රජ පවුලේ සම්ප්‍රදාය හාත්පසින්ම වෙනස්ය. ෆ්‍රෙඩ්රික් කුමරු සඳහා විධිමත් ඔටුනු පැලඳීමේ උත්සවයක් පැවැත් වෙන්නේ නැත. කුමරුන්ගේ ඔටුනු පැලඳවීම,කෝපන්හේගන් නුවර අමාලියන්බර්ග් රජ මාලිගය නිවේදනයක් මගින් සහ ඡායාරූප මගින් ප්‍රසිද්ධ කරනු ඇත. ෆ්‍රෙඩ්රික්කුමරු, ඩෙන්මාර්ක රජු පමණක් නොව, ග්‍රීන්ලන්තයේ සහ ෆාරෝ දූපත්වල රාජ්‍ය නායකයා ද වනු ඇත.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS