මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ට එල්ල වන විරෝධය

කැනේඩියා රංගන ශිල්පිනී මෛත්‍රී රාමක්‍රිෂ්ණන් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් නිර්මාණය වී ඇත. ඒ, ඉකුත් 18 වනිදා Netflix ඔස්සේ ඇගේ නවතම චිත්‍රපටය ‘Best of the Best’ එළිදැක්වීමත් සමගය.
චිත්‍රපටය නිකුත් කිරීමට සමගාමීව පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මෛත්‍රී පවසන්නේ, තමන් ශ්‍රී ලාංකිකයකු නොවන බවත්, ශ්‍රී ලංකාව තමන්ගේ රට නොවන බවත්, තමන් ශ්‍රී ලාංකික දෙමළ නොව, ළාම් දෙමළ ලෙස හඳුන්වා දීමට කැමැති බවත්ය.
සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් නිර්මාණය වූයේ මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ මෙම අදහස් දැක්වීමය.
2001 දෙසැම්බර් 28 වන දින කැනඩාවේ ඔන්ටේරියෝ හි මිසිසාගා නගරයේ උපත ලැබූ මේ වනවිට 24 හැවිරිදි මෛත්‍රී, ශ්‍රී ලාංකික දෙමළ හින්දු පවුල් පසුබිමකින් පැවත එන තරුණියකි.
ඇගේ පියා වන රාම් සෙල්වරාජා ඔන්ටේරියෝ රජයේ පද්ධති විශ්ලේෂකයෙකු ලෙස සේවය කරන අතර මව කිරුතිහා කුලෙන්දිරන් ය. ඇයට විශ්වා රාමක්‍රිෂ්ණන් නමැති වැඩිමහල් සොහොයුරකු ද සිටී. 1983 සිට 2009 දක්වා ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය හමුවේ 1980 ගණන්වල අගභාගයේදී ඇයගේ මාපියෝ සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවෙන් පිටව ගොස්, විශාලතම ශ්‍රී ලාංකික දෙමළ විදේශික ප්‍රජාවක් ජීවත් වන කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදිංචි වූහ.

