මෙන්න හින්දුස්තාන් තග්ස්ලා
ඛාන්ලා කපූර්ලා කොතරමි හිටියත් බොලිවුඩයේ රජ කරන එකම බච්චන් අමිතාබ් බච්චන් හෙවත් බිග් බී ය. හැබැයි අමිතාබ් නම් කියන්නේ තමන්ට වඩා හොද නළුවෙක් ඉන්නවා කියලයි. ඒ කෙනා ඛාන් කෙනෙක් කියලත් බිග් බී කියනවා.
ඔහු මේ කියන්නේ ෂාරුක් ඛාන් , සල්මන් ඛාන් අමීර් ඛාන් යන තිදෙනාගෙන් අමීර් ඛාන් ගැනයි. මොකද මේ දවස්වල අමිතාබ් බච්චන් සහ අමීර් ඛාන් යශ් රාජ් ලේබලය යටතේ නිර්මාණය වන නවතම හින්දි චිත්‍රපටය රගපාමින් සිටිනවා.Thugs Of Hindostan කියලා නම් කරලා තියන මේ චිත්‍රපටය කරන්නේ නව කතාවක් ඇසුරින් වීම විශේෂත්වයකි.
2018 වසරේදී තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ ජැකී ෂැරොප්ද රංගනයෙන් එක්වේ. මෙහි කථා තේමාව වී ඇත්තේ තාක්ෂණයේ සුපිරි වැඩ කිඩ දන්නා විශිෂ්ටයින් දෙදෙනෙක් ගැනය. මෙම චිත්‍රපටය සදහා මුලින්ම තෝරා ගෙන තිබුණේ තවත් සුපිරි නළුවෙකු වන රිතික් රෝෂන් වුවද නිෂ්පාදක ආදිත්‍ය චොප්රා ගේ සහ අධ්‍යක්ෂක විජය ක්රිෂ්ණ ආචාර්යා ගේ අවසන් තේරීම වූයේ අමීර් ඛාන්ය.
මෙය අමීර් සහ අමිතාබ් එකට රගපාන පළමු චිත්‍රපටය වෙනවා. ඉතින් මෙච්චර කාලයක් අම්තාබ් බච්චන් ඒක්ක රගපාන්න තිබුන ආසාව ඉටුවුණු නිසා අමීර් ඛාන් ඉන්නේ ගොඩාක් සතුටින්ලු.
( තිළිණි ද සිල්වා )
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි....