මෙගාන් ජොර්ජ් ෆ්ලොයිඩ්ට සමාන කරලා



සුදු පොලිස් නිලධාරියකුගේ කෙණෙහිලිකම් මැද, ගෙල සිරවී හුස්ම ගැනීමට නොහැකිව, මියගිය ඇමෙරිකන් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ට සමාන කරමින් මෙගාන් මාර්කෙල් සහ දෙවැනි එලිසබත් මහ රැජින ඇසුරින් විකට කාටූනයක් ප්‍රංශයේ චාලි හෙබ්දෝ සගරාවේ පළ වෙයි.

මෙම කාටූනය මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. කාටූනය නිර්මාණය කිරීමට හේතු වී ඇත්තේ, හැරී මෙගාන් යුවළ සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවය.

තමන්ට බ්‍රිතාන්‍ය රජ පවුලෙන් කෙණෙහිලිකම් සිදුවුණු බවට මෙගාන් චෝදනා කර තිබේ. කෙසේ නමුත්, බ්‍රිතාන්‍ය රජ පවුල මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

කාටූනයේ දැක්වෙන්නේ රාජකීයත්වය අත්හළ හැරී කුමරුන්ගේ බිරිද මෙගාන් මාකෙල් බිම වැතිරී සිටින අයුරු සහ දෙවැනි එලිසබත් මහ රැජින ඇගේ ගෙල තද කරගෙන සිටින අයුරුය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් මියගියේ, සුදු අන්තවාදී පොලිස් නිලධාරියා ඔහුගේ ගෙල දණහිසින් තද කරගෙන සිටිය බැවිනි. ප්‍රංශයේ චාලි හෙබ්දෝ සගරාව ආන්දෝලනාත්මක විකට කාටුන් පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

කෙසේ නමුත්, චාලි හෙබ්දෝ සගරාවට මේ වනවිට බ්‍රිතාන්‍ය රජ පවුලේ අප්‍රසාදය පළ වී ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS