මුවන් නිසා හිරේට ගිය සල්මන්
දුර්ලභ වර්ගයේ මුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක් නියම වී තිබේ.
වසර 20කට පෙර සිදුවූ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව ජොද්පූර් අධිකරණය විසින් ඊයේ (05) දිනයේ සල්මන් ඛාන් අදාළ චෝදනාවට වරදකරු බවට තීන්දු කළේය. එහිදී තීරණය වී තිබෙන්නේ වනජීවී ආරක්ෂණ පනතේ 51 වැනි වගන්තිය යටතේ චෝදනාවට සලමන්ට වසර හයක සිරදඩුවමක් නියම කිරීමටයි.
ඒ අනුව ඔහුට වසර 05ක සිර දඬුවමක් සහ ඉන්දීය රුපියල් දසදහසක දඩයක් ද අධිකරණය විසින් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.සල්මන්ට දඩුවම් නියම කළ අවස්ථාවේ රාජස්ථාන් අධිකරණ භූමියේ පොලිස් නිලධාරීන් 100 කට වැඩි පිරිසක් ආරක්ෂාවට යොදවා සිටි බවද සඳහන් වේ.
1998 වර්ෂයේදී ‘‘ හම්සාත් සාත් හේන් ‘‘ චිත්‍රපටය සඳහා රාජස්ථාන් ප්‍රාන්තයේ පැවති රූගතකිරීමක් අතරතුර දුර්ලභ ගණයේ මුවන් දෙදෙනෙකු ඝාතනය කළ බවට සුපිරි නළු සල්මන් ඛාන්ට චෝදනා එල්ල වී තිබුණි. සල්මන් ඛාන් සමඟ මෙම මුවන් දඩයම් කිරීමට හම්සාත් සාත් හේන් චිත්රපයට සම්බන්ධ නලු නිළියන් වන තාබු , සායිෆ් අලී ඛාන් , සොනාලි බෙන්ද්‍රේ සහ නීලම්ට ද චෝදනා එල්ල වූ අතර ඔවුන්ට සිර දඩුවම් නියම විණි.
52 හැවිරිදි සල්මන් ඛාන්ට අදාල දඬුවම සම්බන්ධයෙන් ඉහළ අධිකරණයකට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මීට පෙර එනම් 2015 වසරේදී ද සල්මන් ඛාන්ට මෙවැනිම සිර දඩුවමක් නියමූ අතර ඒ 2002 වසරේදී මුම්බායි පදික වේදිකාව නිදා සිටි පුද්ගලියින් දෙදෙනෙකු සිය වාහනයට යට කරමින් ඝාතනය කිරීමේ සිද්ධියකටය.
හින්දි සිනමාවේ සුපිරි තරුවක් වන සලමන් ඛාන්ගේ ජීවිතයේ අසුබ කාලයක් උදාවී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.ගිය වසරේදී පමණක් සල්මන් ඛාන් ඇමෙරිකානු ඩොලර් මිලයන 37 ක් මුදලක් උපයා තිබූ බව ෆෝබ්ස් සඟරාව සඳහන් කර තිබූ අතර ඔහු දෙවැනි වන්නේ ෂාරුක් ඛාන් ගේ ආදායම් ඉපැයීමට පමණි.මේ වසරේදී ඔහු රගපෑ ටයිගර් සින්දා හේ චිත්‍රපය ඇමෙරිකානු ඩොලර් මිලයන 85ක ආදායම් උපයා තිබිණි.
( තිළිණි ද සිල්වා )
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.