මැරුණැයි කී පූණම් පාණ්ඩේ යහතින්



ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඩේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

32 හැවිරිදි පූණම් පාණ්ඬේ මියගියේ යැයි ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබුණේ ඇගේ කළමනාකාරවරයා විසිනි. ඒ, පසුගිය බ්‍රහස්පතින්දා (1) ය.

තමන් මියගොස් නැති බවත්, තමන්ගේ කීමට තම කළමනාකරු කමන් මියගිය පුවත ප්‍රසිද්ධියට පත් කළ බවත් පූණම් පාණ්ඬේ ඊයේ (5) පැවැසීය.

පූණම් පාණ්ඩේ, මෙසේ බොරුවක් ප්‍රචාරය කර ඇත්තේ ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීමට යැයි ද පැවැසෙයි.

‘මා බොරුවක් කළා තමයි. ඇත්ත. නමුත් මාගේ මරණය සමඟ ගැබ් ගෙල පිළිකා සම්බන්ධයෙන් කතාබහක් සමාජ මාධ්‍ය හරහා ඇතිවුණා. බොහෝ දෙනකුගේ අවධානය ගැබ්ගෙල පිළිකා සඳහා යොමු වුණා. මට අවශ්‍ය වූයේ එයයි’ යැයි පූණම් පාණ්ඩේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ පැහැදිලි කර ඇති නමුත්, මේ වනවිට ඇයට නොසෑහෙන්න දොස් අහන්න සිදුවී අවසන්ය.


RECOMMEND POSTS