මැඩෝනා රෝහලේ



සුපිරි පොප් ගායිකා මැඩෝනා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

64 හැවිරිදි මැඩෝනා රෝහල්ගත කර ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙනි. රෝගී තත්ත්වය හේතුවෙන් මැඩෝනා ස්වසන අපහසුතාවකට ලක්වී සිටින බව ද වාර්තා වේ.

මැඩෝනා සැලකෙන්නේ ‘පොප් රැජින’ යන නාමයෙනි. ගායිකාවක පමණක් නොව, මැඩෝනා සිවුදරු මවකි. මැඩෝනා දෙවරක් විවාහ වී දික්කසාද වූ තැනැත්තියකි.


RECOMMEND POSTS