මස්ක් සහ සකර්බර්ග් සටන



ලොව බිලියනපතියන් දෙදෙනකු වන ඉලොන් මස්ක් සහ මාර්ක් සකර්බර්ග් ආත්මාරක්ෂක සටන් පුරුදු මුහුණු වෙමින් සිටින බවත්, දෙදෙනා අතර සටනක් ඉදිරි දිනයක පැවැත්වීමට නියමිත බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

ඉලොන් මස්ක් යනු ‘ටෙස්ලා’ සහ ‘ස්පේස් එක්ස්’ සමාගම් මෙන්ම, ‘ට්විටර්’ සමාජ ජාලයේ ද හිමිකරුය. ‘ෆේස්බුක්’ අයත් මෙටා සමාජ ජාලයේ හිමිකරු වන්නේ මාර්ක් සකර්බර්ග්ය.

තමන් සකර්බර්ග් සමඟ ද්විත්ව සටනකට සූදානම් බවත්, එම සටන සජීවී ලෙස ‘ට්විටර්’ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට බලාපොරොත්තු වන බවත් ඉලොන් මස්ක් මාධ්‍ය හමුවේ පවසා ඇත. ‘ට්විටර්’ සමාගම පසුගිය දා ඔවුන්ගේ නම ‘එක්ස්’ ලෙස වෙනස් කළේය.

පැවැත්වීමට නියමිත එම සටනින් උපයන මුදල හමුදා විශ්‍රාමිකයන්ගේ සුබසාධන කටයුතුවලට යොමු කිරීමට තමන් සූදානම් යැයි ඉලොන් මස්ක් පවසා ඇත. තමන් මෙන්ම සකර්බර්ග් ද ඊට එකඟ වනු ඇතැයි ද මස්ක් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
සටන එලැඹෙන අගෝස්තු 26 වැනිදා පැවැත්වීමට ඉලොන් මස්ක් යෝජනා කර ඇති නමුත්, සකර්බර්ග් තවමත් ඊට පිළිතුරක් ලබා දී නැත.

39 හැවිරිදි සකර්බර්ග් සහ 52 හැවිදි මස්ක් පසුගිය මාස කීපයේ කාය වර්ධන ව්‍යායාම කරමින්, මිශ්‍ර ආත්මාරක්ෂක සටන් පුරුදු පුහුණු වූයේ එකිනෙකාට නොදෙවැනි අයුරිනි. දෙදෙනාට ලොව දක්ෂ ආත්මාරක්ෂක සටන්කරුවන්ගෙන් සටන් පුහුණුව ලැබුණි.

මස්ක් මෙන්ම සකර්බර්ග් ද මේ වනවිටත් විවිධ ආත්මාරක්ෂක තරගවලට ඉදිරිපත් වී පදක්කම් ද හිමි කරගෙන තිබේ. ඒ අනුව දෙදෙනාම දක්ෂ ආත්මාරත්ෂක සටන්කරුවන් ලෙස පිළිගැනෙයි.

සටන්කරුවන් දෙදෙනකු අතරේ මිශ්‍ර ආත්මාරක්ෂක සටන් පැවැත්වීම අද ලොව අතිශය ජනප්‍රිය ක්‍රීඩාවකි. ඉලොන් මස්ක් සහ මාර්ක් සකර්බර්ග් අතරේ සටනක් පැවැත්වුවහොත් එය අතිශය ජනප්‍රිය වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.


RECOMMEND POSTS