මයිකල් ජැක්සන් තවමත් පෙරමුණේ
අභාවප්රාප්ත වු කලාකරුවන් අතරින් මරණයට පත්වු පසුවත් වැඩිම ආදායමක් ලැබෙන පුද්ගල ලැයිස්තුවේ පළමු තැනට මයිකල් ජැක්සන් පත්වී තිබෙන බව ඇමෙරිකාවේ සුප්රසිද්ධ ෆෝබ්ස් සගරාව කළ විමර්ශණයකදී හෙළී වි තිබේ.
මයිකල් ජැක්සන්ගේ ගීත අඩංගු සංයුක්ත තැටි මෙන්ම එම ගීත දර්ශක අඩංගු සගරා අලෙවිය මගින් මෙම මුදල් ලැබෙන බවත් , එසේම පසුගිය වසරේදී පමණක් මයිකල් ජැක්සන්ගේ නමට ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 825 ක් බවද ෆෝබ්ස් සඟරාව කියයි..
සුපිරි පොප් ගායකයා මරණයට පත්වු 2009 වසරේ සිට මේ දක්වා සෑම වසරකදීම අදාළ ලැයිස්තුවේ ඔහුගේ නම පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
එහෙත් 2012 වසරේදී පමණක් මයිකල් ජැක්සන්ගේ ද මිතුරියක වු සුපිරි නිළි අභාවප්රාප්ත එළිසබෙත් ටේලර් එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වු අතර ඇය මෙම වසරේදී 13 වන ස්ථානයට පත්ව ඇතැයි සඳහන්වේ.
( තිළිණි ද සිල්වා )
ෆෝබ්ස් ඇසුරෙනි....