මධු සමයට ගිය දෙන්නා පැරිස් ඔලිම්පික් උළෙලේ



මධුසමය ගත කිරීම සඳහා යුරෝපය බලා ගොස් සිටින ආසියාව ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියේ සමාරම්භක උත්සවය නැරඹීමට ගොස් සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රාධිකා තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී ආනන්ත් සමඟ ඔලිම්පික් තරඟාවලියේ සමාරම්භක උත්සවය සහ ජිම්නාස්ටික් තරඟ නැරඹීමට පැමිණි සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.යුවළ සමඟ මුකේෂ් අම්බානි, ඔහුගේ දියණිය ඊශා අම්බානි සමඟ ඇයගේ සැමියා වන ආනන්ද් පිරමාල් ද ඔලිම්පික් සමාරම්භක උත්සවය නැරඹීමට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක වියදමින් ගත් වසරේ දැවැන්තම විවාහ මංගල්‍ය උත්සවයේදී රාධිකා සහ ආනන්ත් විවාහ දිවියට එළඹි අතර මධුසමය ගත කිරීම සඳහා යුරෝපය තෝරා ගත්හ.

යුවළට මධුසමය ගත කිරීම සඳහා නීතා අම්බානි එක්සත් රාජධානියේ ඓතිහාසික ස්ටොක් පාර්ක් තරු 5 සුඛෝපබෝගී හෝටලය සැප්තැම්බර් තෙක් ඔවුන් වෙනුවෙන් වෙන්කර ඇති බවත් එහිදී විවාහය සැමරීම සඳහා තවත් සාද කීපයක් පැවැත්වීමට යුවළ අදහස් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම උත්සව සඳහා හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ හැරී කුමරු සහභාගී වීමට ඉඩ ඇති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

මධුසමය ගතකරන කාලය තුළදී යුරෝපයේ පැවැත්වෙන විශේෂ වැදගත්කමක් ඇති අවස්ථා සියල්ලටම සහාභාගී වීමට රාධිකා සහ ආනන්ත් බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


RECOMMEND POSTS