බෲස් විලිස් රංගනයට සමුදෙයි



ජනප්‍රිය ක්‍රියාදාම නළුවකු ලෙස ලොව පුරා රසික හදවත් දිනූ හොලිවුඩ් නළු බෲස් විලිස් රංගනයට සමුදීමට තීරණය කර තිබේ. සුපිරි නළුවා මෙම තීරණය ගත්තේ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇති බැවිනි.

67 හැවිරිදි බෲස් විලිස් ‘ඇපසියා’ රෝගී තත්ත්වයෙන් පසුවෙයි. එය මොළයේ ආබාධ තත්ත්වයක් වන අතර, එහිදී සිදුවන්නේ සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල වීමය. රෝගී තත්ත්වය හේතුවෙන් තමන්ට තවදුරටත් රංගන කටයුතුවල නියැලිය නොහැකි බව බෲස් විපිස් පවසා තිබේ. ඒ, ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයකිනි.

(රොයිටර්)


RECOMMEND POSTS