බොලිවුඩයට අලුත්ම තරුවක් !
තාත්තයි දුවයි එකම් ක්ෂේත්‍රෙය් එකම රස්සාව කළොත් ඔබට කුමක් සිතේවිද ? ඔබට කුමක් සිතුණත් එය එහෙම වෙලා,ඒ බොලිවුඩයේ තරැවකට හා ඔහුගේ දියණියකට.
මේ බාලිවුඩ් තරුව තමයි සායිෆ් අලි කාන් ,ඔහුගේ පළමු කසාදයේ එකම දියණිය වන සාරා අලි ඛාන්ටත් තාත්තාගේ රස්සාව කරන්න වෙලා කියලයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ.
තවමත් 24 වැනි වියේ පසු වන සාරා සුරූපිණියක් කිව්වොතින් වැරදි නැහැ.තාත්තාට වගේම ඇයටත් දැන් බොලිවුඩයෙන් රංගන ආරාධනා ලැබුලා.ඒ විජේ ක්රිෂ්ණ ආචාර්යා අධ්‍යක්ෂණය කරන නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ තග්ස් ඔෆ් හින්දුස්තාන් ‘ චිත්‍රපටයෙයි.ඇය මෙහි ප්‍රධාන කාන්තා චරිතය හිමිවෙලා කියලියි ආරංචිය.
හැබැයි මේ දූ රඟපාන්නේ තමන්ගේ තාත්තා එක්ක නෙමෙයි, නමුත් තාත්තගේ කාලේ බොලිවුඩයේ සමකාලිනයෙක් වුණු ආමීර් ඛාන් ,බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම සුපිරි තරුවක් වන අමිතාබ් බච්චන් එක්ක තමයි සාරා රගපාන්න වෙලා තියෙන්නේ.සාරගේ මේ චරිතයට වෙනත් නවක රංගන හිල්පිණියකගේ නම යෝ්ජනවා වුණත් සාරාගේ නම අවසාන තේරීම වෙලා..
( තිළිණි ද සිල්වා )
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි.....