බැට්මෑන්ට ’වෝක් ද ෆේම්’ තරුවක්



බැට්මෑන් චරිතයට 'වෝක් ද ෆේම්' Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින් හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් ද බිහි වී ඇත.

චිත්‍රකතා සඳහා බැට්මෑන් චරිතය නිර්මාණය කළේ බොබ් කේන්ය. ඒ, 1939 වසරේදීය.

බැට්මෑන් ජනප්‍රිය වසර 85 ක් පුරා කොමික් පොත්වල, රූපවාහිනියේ සහ චිත්‍රපටිවල නොමැකෙන ප්‍රබන්ධ චරිතයකි.

Walk Of Fame යනු හොලිවුඩයේ චිත්‍රපට, රූපවාහිනී, සංගීත, රේඩියෝ වැනි ක්ෂේත්‍රයන් හි ඉමහත් සේවයක් කල පුදගලයන් සහ චරිත සඳහා පිදෙන ගෞරව සම්මානයක් වැන්නකි.

හොලිවුඩ් පළාතේ, බුලවාඩ් Boulevard සහ වයින් ස්ට්‍රීට් Vine Street හි පදික වේදිකාවේ බිම ටෙරාසෝ සහ පිත්තල මිශ්‍ර තරුවලින් හොලිවුඩයේ අමරණීය චරිත ඇගයීමට ලක් කෙරේ. ඒ අයගේ අත් සලකුණුත් ඊට ඇතුළත් වෙයි. මෙය හොලිවුඩයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයක් අතර ජනප්‍රිය වීදියකි.


RECOMMEND POSTS