බයිඩන්ට වඩා මිෂෙල් ඔබාමා ජනපති ධුරයට සුදුසුයි



වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට වඩා, හිටපු ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා ජනප්‍රිය බවත්, ඇමෙරිකන් ජනාධිපතිවරණයට මිෂෙල් ඔබාමා ඉදිරිපත් වන්නේ නම්, ඇයට පහසුවෙන් බයිඩන් පරදා ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකාව වීමට හැකිවනු ඇති බවත්, ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

කෙසේ නමුත් මෙම නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට මිෂෙල් ඔබාමා ඉදිරිපත් නොවන අතර, බැරැක් ඔබාමාගේ සහාය හිමිවන්නේ ජෝ බයිඩන්ටය. ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් උප ජනාධිපති ධුරය හෙබවීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS