බයිඩන්ගේ කොරෝනා හොඳ නෑ



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් තවදුරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු යැයි ධවල මන්දිරය ඊයේ (4) පැවැසීය.

ධවල මන්දිරය මෙසේ පැවැසුවේ, ජනාධිපති බයිඩන් යළිත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ද නැද්ද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුවය. එහිදී බයිඩන් ආසාදිතයකු බව තහවුරු විය. ඒ අනුව, රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකළත්, බයිඩන්ට තවදුරටත් නිරෝධායනයේ සිටීමට සිදුවනු ඇත.

‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වුවත්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට කිසිදු ‘කොවිඩ් 19’ රෝග ලක්ෂණයක් නොමැති බව ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පැහැදිලි කර තිබේ.

79 හැවිරිදි ජනාධිපති බයිඩන්ට පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය ජූලි 21 වැනිදාය. ඉන්පසු පසුගිය 30 වැනි දා බයිඩන් යළි ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කෙරුණු අතර, එහිදී ඔහු ‘පොසිටිව්’ වූ බැගින් දිගටම නිරෝධායනයේ සිටින්නැයි උපදෙස් ලැබුණි. ඒ අනුව, බයිඩන් සිය රාජකාරි සිදු කරන්නේ ධවල මන්දිරයේ නිරෝධායනයේ රැදී සිටිමිනි.

(රොයිටර්)

 


RECOMMEND POSTS