පුතුට තෑගි දෙන්න අම්බානී ඩුබායි මන්දිරයක් මිලදී ගනී



ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි, සිය පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේ දී තෑගි කිරීමට, ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 77.3ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් මිලදීගෙන ඇතැයි විදෙස් මාධය පවසයි.

මෙම සුඛෝපබෝගී මන්දිරය, වර්ග අඩි තුන්දහසකින් සහ කාමර 10කින් සමන්විත බව පැවැසෙයි. මෙම මන්දිරය මිලදී ගැනීම සඳහා කළ ගනුදෙනුව, මෙතෙක් ඩුබායි නුවර සිදුකර ඇති ඉඩම් මිල දී ගැනීම් අතරින් දෙවැනි විශාලතම මිල දී ගැනීම බවය.

මුකේෂ් අම්බානි විසින් මිල දී ගත් මෙම මන්දිරය අවශ්‍ය පරිදි නවීකරණය කිරීමේ කටයුතු මේවනවිට සිදුවෙමින් පවතින බවද වාර්තා වෙයි. විවාහ මංගල්‍ උත්සවය, ජූලි මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS