පුටින්ගේ දියණිය ඉන්නවා
යුක්රේන යුද්ධයේ ආරම්භ වීමත් සමග ලෝකයේ ඇසින් සැඟවුණු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහසිගත දියණිය යැයි සැලකෙන 21 හැවිරිදි එළිසවෙටා ක්රිවොනොගික් නව අනන්‍යතාවයක් සහිතව පැරිසියේ ජීවත්වන බව යුක්රේන මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
ලුයිසා රොසොවා යන නමින් ඇය පැරීසියේ ජිවත් වන බවත් පුටින්ගේ සමීපතමයකු වූ ඔලෙග් රුඩ්නොව්ගේ දියණිය ලෙස ඇය තමන්ව හඳුන්වා ගන්නා බවත් යුක්රේන මාධ්‍ය සඳහන් කළේය. රුසියාව මීට වසර දෙකකට පෙර යුක්රේනයට ප්‍රථම වරට පහරදුන් අවස්ථාවේ ඇය අතුරුදන් වූ බවද යුක්රේන මාධ්‍ය පැවැසුවේය.
රොසොවා ගේ මව වන ස්වෙට්ලානා ක්රිවොනොගික් සාර්ථක ව්‍යාපාරිකාවක වීමට පෙර රුසියානු ජනපති පුටින්ගේ දීර්ඝ කාලීන සහයිකාව වූවාය. මව සහ දියණිය දෙදෙනාම රුඩ්නොවාගේ පෙළපත් නාමය භාවිත කරන බවද පැවැසෙයි.