පාර්ලිමේන්තුවේ මවු සෙනෙහස



ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සිය සිඟිති පුතු ද සමඟ පාර්ලිමේන්තු සැසියකට සහභාගී වූවාය.

ඉතාලියේ  මන්ත්‍රීවරියක සිය දරුවා සමඟ පාර්ලිමේන්තු සැසියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ගිල්ඩා ස්පෝටෙලියෝ නමැති එම මන්ත්‍රීවරිය පුතු ද සමඟ පාර්ලිමේන්තු සැසියට සහභාගී වෙද්දී, ඇයට සහාය පළ කරමින් සෙසු පාර්ලිමේන්තු සාමාජිකයන්ගෙන් අත්පොළසන් හඬක් ද නැගුණු බව පැවැසෙයි.

පාර්ලිමේන්තු සැසිය අතරතුරේ ගිල්ඩා පුතුට මවු කිරි දුන්නාය. ඉතාලි පාර්ලිමේන්තුවේ මවු කිරි දීමක් සිදුවණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

ඉතාලි පාර්ලිමේන්තු අතීතයේ. පුරුෂාධිපත්‍යය රජ කළ තැනක් වූ අතර කාන්තාවන්ට වැඩි අවධානයක් යොමු නොවිණි.    

කෙසේ නමුත් අද එම තත්වය මුළුමනින්ම වෙනස් වී තිබේ. අද ඉතාලියේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ ද කාන්තාවකි. ඇය ජෝර්ජියා මෙලෝනිය.


RECOMMEND POSTS